අපේ ළිඳ ඉසීමට ඕනෑ වූ විට අම්මාට ඇත්තේ ඇගේ දුරකතන අංක ඇති පොතේ "නෙවිල් ළිං ඉහින" යන නම ඉදිරියෙන් ඇති අංකයට කතා කිරීම පමණි. අපට පහසු වේලාවක නෙවිල් සිය ත්‍රිරෝද රියෙන් පැමිණේ. ළිං පතුලටම දමා වතුර මඩ ආදී සියලුම දේ ඇද ගන්නා මෝටරය, මෝටරයට සම්බන්ධ කරන අඟල් තුන හතරක් මහත සහ අඩි ගණනාවක් දිග ප්ලාස්ටික් බටය, ඉණිමග ගැට ගසන ශක්තිමත් කඹය ආදිය ඔහුගේ ආම්පන්නයි. උස් නිරෝගී සිරුරක් ඇති නෙවිල් ළිඳ ඉසීමට සහායකයෙකු ගෙන එන්නේ නැත. එහෙත් අපට "ව්‍යායාම දෙන්නට" යැයි කියමින් ඔහු අපට සුළු සුළු වැඩ පවරයි. ළිඳ ඉහින මුළු කාලය තුළ නෙවිල්ගේ 'චව් චව්ගේ' කටහඬින් කතා කරන කට නැවතෙන්නේ නැත. මෙය ළිං ඉසින පුද්ගලයන්ට ආවේණික දෙයක්දෝයි සිතේ. මා දැක ඇති ළිං ඉසින්නෝ වැඩි දෙනා ළිඳ තුළට ගිය පසු නොනවත්වා කතා කරන අයයි. ළිඳ තුළදී ඇති වන කාන්සියක් වැනි හැඟීමක් නිසා එසේ කරනවා විය හැකිය.
ළිඳ ඉසීමේ කාර්යය අතරතුරේදී නෙවිල් කියන රසවත් කතාවල ළිඳේ ගැඹුරට වඩා බොහෝ ගැඹුරක් තිබේ.
"විසි පහක් විතර පැන්නහම නම් පැනලා යයි කියලා බය වෙන්න ඕන නෑ. එතකං තමයි පරිස්සම් කර ගන්න ඕන. දැන් හැදෙන එවුන්ට මොබයිල් ෆෝන් තියන නිසා ඕනැ එකාටයි එපා එකාටයි ඔක්කොටම කතා කරනවා" ඔහු කියන්නේ සිය විසි එක් හැවිරිදි දියණිය ගැන ආඩපාලි කියමිනි. "තාම හැම ගෙදරම වැඩ කරන්නෙ අම්මලා තමයි. අපේ කෙල්ල ගෙදර කිසි වැඩක් කරන්නෙ නෑ. කිව්වොත් විතරක් කොස්ස අරන් ගේ පොඩ්ඩක් අතු ගානවා" බඹ පහක් ගැඹුරු ළිං පතුළේ සිට ඔහු කියයි.
දේශපාලකයන්ට බැණ වැදීමත් ඔහුගේ ප්‍රධාන රාජකාරියකි. එක්තරා ඇමතිවරයෙකු වත්කම් හෙළි වීමේ ප්‍රශ්නයකට මුහුණ පෑ අවස්ථාවේ පොළඟෙකු කෑ බව කියමින් පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ පුවතක් සිහිපත් කළ ඔහු කීවේ "අනේ අප්පේ ඉතින් ඔය කකුල බිම තියන්න එපායැ පොළඟෙක් කන්න!" කියාය.
සිංහල බස මවු බස නොවන නිවසකදී සිදු වූ සිදුවීමක් නෙවිල් නිතරම කියන කතාවකි. සාමාන්‍යයෙන් ළිඳ ඉස අවසන් වූ පසු "ඔන්න ඔක්කොම හරි, අඟුරු කෑල්ලක් දාන්න" යැයි ඔහු ගෙහිමියන්ට කියයි. අර කියූ නිවසේ දී එසේ කී පසු නිවස තුළ සිට කලබලෙන් ආ කාන්තාවක් "බාස් උන්නැහේ ඔන්න ඉඟුරු කෑලි දෙකක්ම දැම්මා" යැයි කීවේලු. "අනේ මට මොකද ඉඟුරු බැරි නම් ඕන එකක්. ඉඟුරුත් නරක දෙයක් නෙවෙයිනෙ. මම ආපහු කියන්න ගියේ නෑ!" ඔහු කියන්නේ අප සිනා සයුරේ ගිල්වමිනි.
Tuesday, April 30, 2013
Saturday, April 6, 2013
කොම්පියුටරෙන් මූණ බලාගෙන කතා කරන්න පුළුවන්ද?/ "Is it possible to talk through computer while looking at the face?"
මම ඡායා පිටපත් වගයක් ගනිමින් ඉන්න වෙලාවක එතැනට ආවා පුංචි මුණුපුරෙකුගෙ අතින් අල්ල ගත්ත ආච්චි කෙනෙක්. ආච්චි සාරියක් ඇඳලා. මුණුපුරාට වයස අටක් දහයක් ඇති. ආච්චි කමියුනිකේෂන් එකේ තරුණියට කතා කළා. "මෙහෙ පුළුවන්ද කොම්පියුටරෙන් මූණ බලාගෙන කතා කරන්න?" තරුණිය මොහොතකට අන්දුන් කුන්දුන් වෙලා එතන වැඩ කරන අනිත් තරුණයත් එක්ක මූණට මූණ බලා ගත්තා. "මෙහෙ බැහැ" මොහොතකින් තරුණයා ආච්චිට උත්තර බැන්දා. ඒක අහලා ආච්චියි මුණුපුරයි යන්න ගියා. "මූණ බලාගෙන කතා කරන්න කියන්නෙ ස්කයිප් නේද?" කමියුනිකේෂන් එකේ ළමයි කතා වුණා.
මේ සිදුවීම මාව බෙහෙවින් සසළ කළා. පරිකල්පනය වැඩි එක කොහොමත් වදයක්. ආච්චිගෙ දුව හරි පුතා හරි, ඒ කියන්නෙ පුංචි මුණුපුරාගෙ අම්මා හරි තාත්තා හරි පිට රටක ඉන්නවද දන්නෙ නෑ, එයත් එක්ක "මූණ බලලා කතා කරන්න" මේ දෙන්නට ඕන වෙලාද දන්නෙ නෑ, ඔය වගේ දේවල් මට හිතුණා. කොහොම වුනත් ඔවුන් එච්චර මහන්සියෙන් "මූණ බලලා කතා කරන්න" තැනක් හෙව්වෙ නිකම් විනෝදෙට වෙන්න බැහැනෙ. තොරතුරු තාක්ෂණය තව දුරටත් "පහසුකමක්" නෙවෙයි කියලා අපට හිතුණාට අපේ රටට තව කොච්චර දුර යන්න තියනවද කියලත් හිතුනා. අපේ තොරතුරු තාක්ෂණය ගැන අපට තෘප්තිමත් වෙන්න පුළුවන් වෙන්නෙ ඒ ආච්චිටයි මුණුපුරාටයි ගෙදර ඉඳන් "කොම්පියුටරෙන් මූණ බලලා" තමන්ගෙ ආදරණීයයන් එක්ක කතා කරන්න" පුළුවන් වුණ දවසටයි.
I was getting some photocopying done when an elderly lady in a saree walked in holding the hand of a 8-10 year old grandson. "Is it possible to talk through computer while looking at the face?" the elderly lady asked the shop girl. The girls was bewildered for a second and looked at her co-worker for assistance. The co-worker replied the lady "no we don't have that facility" upon which the elderly lady and the kid went away. "She meant skype right?" the shop people discussed between themselves.
This was a very touching moment. I, who anyway let my imagination run wild, thought the elderly lady might be having a daughter or a son (who's the mother/ father of the kid) overseas and would love to talk with him/her "while looking at the face". They cannot be looking so desperately for such place just for fun! Although we no longer see Information Technology as a 'facility', I realized that we still have a long way to go. We will be able to be satisfied about our IT status only when that lady and the kid can talk with their loved ones "while looking at the face" at home.
මේ සිදුවීම මාව බෙහෙවින් සසළ කළා. පරිකල්පනය වැඩි එක කොහොමත් වදයක්. ආච්චිගෙ දුව හරි පුතා හරි, ඒ කියන්නෙ පුංචි මුණුපුරාගෙ අම්මා හරි තාත්තා හරි පිට රටක ඉන්නවද දන්නෙ නෑ, එයත් එක්ක "මූණ බලලා කතා කරන්න" මේ දෙන්නට ඕන වෙලාද දන්නෙ නෑ, ඔය වගේ දේවල් මට හිතුණා. කොහොම වුනත් ඔවුන් එච්චර මහන්සියෙන් "මූණ බලලා කතා කරන්න" තැනක් හෙව්වෙ නිකම් විනෝදෙට වෙන්න බැහැනෙ. තොරතුරු තාක්ෂණය තව දුරටත් "පහසුකමක්" නෙවෙයි කියලා අපට හිතුණාට අපේ රටට තව කොච්චර දුර යන්න තියනවද කියලත් හිතුනා. අපේ තොරතුරු තාක්ෂණය ගැන අපට තෘප්තිමත් වෙන්න පුළුවන් වෙන්නෙ ඒ ආච්චිටයි මුණුපුරාටයි ගෙදර ඉඳන් "කොම්පියුටරෙන් මූණ බලලා" තමන්ගෙ ආදරණීයයන් එක්ක කතා කරන්න" පුළුවන් වුණ දවසටයි.
I was getting some photocopying done when an elderly lady in a saree walked in holding the hand of a 8-10 year old grandson. "Is it possible to talk through computer while looking at the face?" the elderly lady asked the shop girl. The girls was bewildered for a second and looked at her co-worker for assistance. The co-worker replied the lady "no we don't have that facility" upon which the elderly lady and the kid went away. "She meant skype right?" the shop people discussed between themselves.This was a very touching moment. I, who anyway let my imagination run wild, thought the elderly lady might be having a daughter or a son (who's the mother/ father of the kid) overseas and would love to talk with him/her "while looking at the face". They cannot be looking so desperately for such place just for fun! Although we no longer see Information Technology as a 'facility', I realized that we still have a long way to go. We will be able to be satisfied about our IT status only when that lady and the kid can talk with their loved ones "while looking at the face" at home.
Subscribe to:
Posts (Atom)
