https://www.facebook.com/photo.php?fbid=330860077034345&set=a.211550582298629.46774.100003310652302&type=1&theater
මුහුණු පොතේ පළ වූ මේ පෝස්ට් එක දැකලා පරණ සිද්ධියක් මතක් වුණා.
දවසක් මම සාමාන්‍ය ගාස්තු බස් එකක් කියලා හිතාගෙන සෙමි ලක්ෂරි බස් එකකට නැග්ගා. මම නගිනකොටත් කොන්දොස්තර මහත්තයට හැම තැනින්ම බැණුම් වැඩියෙන් සල්ලි ගන්නවා කියලා. කොහෙත්ම උස නැති බෝල කොන්දොස්තර ටිකට් දෙන්න මා ළඟටත් ආවා. වැඩිපුර ගාණක් කියපු නිසා මම ඇහුවා මොකද කියලා.
"මේක සෙමි ලක්ෂරි!" කොන්දොස්තර කිව්වා.
"ආ...එතකොට මොනවද මේකෙ තියන සෙමි ලක්ෂරි?" මම ඇහුවා.
"මේක හැම තැනම නවත්තන්නෙ නෑ. සෙනග ගන්නෙත් අඩුවෙන්" කොන්දොස්තර හුරතල් විදියට කිව්වා. (ඒ දෙකෙන් එකක්වත් ඇත්ත නෙවෙයි කියලා පස්සෙ ඔප්පු වුණා!)
හැමෝගෙම බැණුම්වලින් බේරෙන්න බැරි තැන කොන්දොස්තර ටිකට් දෙන්න අලුත්ම ක්‍රමයක් අනුගමනය කරන්න පටන් ගත්තා. ඒ කියන්නෙ ගාණ කියලා වට්ටමක් දෙනවා මෙන්න මෙහෙම - "හැට හතරයි, හැටක් දෙන්න. තිස් අටයි, තිහක් දෙන්න" ආදි වශයෙන්.
ඒ මදිවට මිනිහට ටිකට් මැෂිම ක්‍රියාත්මක කරන්න බැහැ. එක්කෙනෙක් ටිකට් එකක් ඉල්ලුවාම මැෂිම කරකව කරකවා ටිකට් පහක් විතර කඩනවා. ඒවා බලනවා, අහක දානවා. අන්තිමට හරි ටිකට් එක දෙනවා. ඒ ප්‍රමාදයටත් මිනිහට බැණුම්!
පිටිපස්සට ඇවිත් අමාරුවෙන් ටිකට් දෙන්න 'උත්සාහ' කරන අතරෙ ඉස්සරහින් ඩ්‍රයිවර් බණිනවා "ඕයි මේ ඉස්සරහ ටිකට් ටික කඩා ගන්නවා" කියලා. ඒ අතරෙ අලුතින් නගින නගින මිනිහත් ගාස්තුව වැඩි එකට කොන්දාටම බණිනවා. හැබැයි කොන්දා නෙවෙයි මූණෙ තියන හිනාව එක මොහොතකටවත් නැති කර ගත්තෙ! ඒ අතරෙ ගොඩක් අයට හිනා කොන්දාගෙ වැඩ පිළිවෙලට. මුළු බස් එකම විනෝද සාගරයක්.
යාන්තම් ටිකට් යුද්දෙ ඉවර කරලා කොන්දා මම ඉන්න තැනට ඇවිත් මෙහෙම කියනවා - "මිස් මම ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්. අදමයි කොන්දොස්තර වැඩේ කරන්නෙ".
"ඒ බව නම් පේනවා" මම වහාම කිව්වා.
"මේ යාළුවෙකුට උදව්වට ආවෙ, අදට විතරක්" යැයි කියලා ඔහු මට ඉංග්‍රීසියෙන් තවත් මොන මොනවද කිව්වා. මමත් "ආ..." කියලා ඔලුව වැනුවා.
This facebook post reminded me of an incident happened some time back. By mistake I had got into a semi luxury bus. As I was getting in I heard passengers blaming the conductor for overcharging. The short burly conductor came near me to issue tickets. Since he quoted an excessive fare, I asked why. "This is semi luxury!" he proudly claimed. "So what are the semi luxuries in here?" I retorted.
"This doesn't stop everywhere, and doesn't get packed like the normal buses" he sweetly replied (later it turned out that neither was true!).
Being fed up by all the scolding, the conductor had discovered a new way to issue tickets. He would quote a particular amount and then declare a discount. For instance he would say "it's Rs.64, but give me just 60 bucks" or "it's 38 bucks, but give me 30".
On top of all that the conductor seemed to be very unfamiliar with the ticketing machine. when a passenger asks for a ticket, he operates the machine at least 5 times, throwing away each ticket, before he comes up with a ticket issued in the correct amount and destination details. He was getting scolded for this delay as well.
While he is at the back of the bus "trying" so hard to issue a ticket, the driver thunders from the front "hey, issue tickets to these people in the front." Meanwhile, whenever a new passenger gets in he or she will scold the conductor for the excessive fare. But he wasn't to lose the eternal smile in his face. Some others couldn't help laughing watching his misery. The entire bus was like a carnival.
After the ticketing struggle was over, the conductor came near me and had a small chat. "Miss, I'm a tour guide. Today is my first day as a conductor". "I can see that", I retorted. "I came as a favour to a friend, just for today", he explained and then continued in English about his job. I had nothing else to do than nodding and saying "aaah...."