මේ සිදුවීම මට හරිම සංවේදී අවස්ථාවක් වුණා. මට මතක නැතත් අපේ අම්මා හැම තිස්සෙම මතක් කරන මේ වගේම සිදුවීමක් නිසායි ඒ. මගේ මල්ලී පුංචි කාලෙත් මේ විදියටම පැදගෙන යන්න පුළුවන් සෙල්ලම් කාර් එකක් ඉල්ලලා අඬලා තියනවා. ඒ කාලෙ ඒ කාර් එකේ මිල අම්මගෙ පඩිය වගේ තුන් හතර ගුණයක්ලු. ඒ නිසා ඒ කාර් එක විකුණන්නෙ නෑ කියලා කඩේ මුදලාලි ලවාම කියවලා බොහොම අමාරුවෙන් අඬන මල්ලිව එතනින් අරන් ආවලු.'හොඳම දේ ළමයින්ටයි' කියලා නිතරම කියන අපේ අම්මා ඇයට පුළුවන් දේටත් වඩා දේවල් අපට අරන් දීලා තියනවා. ඒත් පුංචි පුතාට අර සෙල්ලම් කාර් එක අරන් දෙන්න බැරි වුණ එක ගැන ඇය අදටත් පුදුම විදියට පසු තැවෙනවා, දුක් වෙනවා. ඔය ඉතිං හැම අම්මා කෙනෙකුගෙම හැටි වෙන්න ඇති!