Saturday, March 23, 2013

තාත්තා

වෙලාව රෑ හතට විතර ඇති. අහිංසක තාත්තෙකුයි පුංචි පුතෙකුයි කඩේට ආවා. දෙන්නටම ගොඩක් මහන්සි පාටයි. "පලතුරු බීම තියනවද?" කියලා තාත්තා මුදලාලිගෙන් ඇහුවා. ඒවා තිබුණෙ නැහැ. ඊළඟට ඇහුවෙ "වෙන බීම මොනවද තියෙන්නෙ?" කියලා. "අලියා බීම විතරයි තියෙන්නෙ" කියලා මුදලාලි කිව්වම තාත්තා පුතාගෙන් ඇහුවා "ඒවා කමක් නැද්ද?" කියලා. පුතා ඔළුව වනලා කැමැත්ත පළ කළාම තාත්තා පුතාට බීම කේස් ටික පෙන්නලා "මොනවද ඕන" කියලා ඇහුවා. පුතා හොඳට බලලා තද පාට බීම වර්ගයක් තේරුවා. "මේ ගොල්ලො හොයන්නෙ පාටනෙ" කියලා තාත්තා හිනා වුනා. ඊට පස්සෙ පුතාව පිළිවෙලට පුටුවෙ වාඩි කරලා (ඔවුන් මුස්ලිම් ජාතිකයන් නිසා අපි වගේ හිටගෙන කන බොන සිරිතක් ඔවුන්ගෙ නෑ) වතුර බොන ලොකු වීදුරුවකට දාලා පුතාට බීම බොන්න දුන්නා. පුතා බීම බොන දිහා ආදරෙන් බලාගෙන බෝතලේ අඩියෙ ඉතුරු වුණ බීම උගුර තාත්තා බිව්වා. දොරට හේත්තු වෙලා කඳුලු අතරින් බලාගෙන ඉන්නකොට මට මැවිලා පෙණුනෙ අපේ තාත්තා.

3 comments:

specialtouch said...
This comment has been removed by the author.
specialtouch said...

පුවත්පත් සමග සසඳන විට බ්ලොග් ලිවීමෙහි බොහෝ දුරට දැකිය හැකි කණගාටුදායක ලක්ෂණයක් වන්නේ සමාජ ප්රගමනය ඉලක්ක කිරීමෙන් බැහැර වීමයි. එයිනුත් මිදී, ඔබ අනුගමනය කරන කෙටි මුත් ප්රබල හා සංයමයෙන් යුත් රචනා ශෛලිය නම් ටොපේ ටොප්!

Anonymous said...

බොහොම ස්තුතියි! ඉදිරියට තවත් හොඳ වීමට උත්සාහ කරනවා