සීයා සොහොන් බිමේ පදිංචියට ආවේ අපේ පළාතේ උදවියගේ ත්යාගශීලීකම මැනීමටදෝයි විටෙක සිතේ. සීයාට සළකන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පිරිස ඒ තරම්ය. තරමක් පරණ තාලේ ප්ලාස්කුවක දමාගෙන සීයාගේ උදේ තේ එක ගෙනෙන්නේ අසළ ගෙදරක වැඩිහිටි කාන්තාවකි. ඇය උදේම වළලුකර ළඟට දිග කිමොනා ගවුමක් ඇඳගෙන ප්ලාස්කුවත් ඔසවාගෙන පාර දිගේ හෙමි හෙමින් එයි. සීයා එක්ක හිනා වෙවී කතා කරනුද සමහර දාකට පෙනේ. ත්රිරෝද රථ නවත්වා සීයාට කෑම බීම දෙනු ද මා දැක තිබේ. ඒ සමහරු එන්නේ හැන්දෑවේ කළුවර වැටුණාටත් පස්සේය.
කොතරම් දෙනා සැළකුවත් සීයා බඩගින්නේ ඉන්නා වේල් ද ඇති බව මම අත්දැකීමෙන් දනිමි. තාත්තාගේ දානය දා අපි පන්සලේ සිට ගෙදර ඇවිත් හනි හනිකට සීයාට කෑම එකක් අරන් ගියේ දවල් එකත් පහු වී ඇති නිසා සීයා කෑම කා ඇත්දෝයි සැකයෙනි. අප යන විට බිම ඇළවී සිටි සීයා අව්ව අතින් මුවා කරගෙන කඳ කෙළින් කර වාඩි වුණේය. "අද අපේ තාත්තගෙ දානෙ තිබුණා, සීයට කෑම එකක් ගෙනාවා" කී විට සීයා කෑම එක දෝතින් පිළිගෙන නළලට ළං කර පිං දී අප සොහොන් බිමෙන් පිට වෙන්නටත් පෙර කන්න පටන් ගත්තේය. සීයා බඩගින්නේ නිදා සිටින ඒ වගේ වේල් කීයක් නම් ඇද්ද!
කලින් පාළුවට තිබුණු ප්රදේශය සීයා ආ පසු කල එලි වී තිබේ. සොහොන් බිම ඉදිරියේම තැඹිලි කෙසෙල් බුලත් ආදිය විකුණන පොඩි කඩ මැස්සක්ද වැටුණේත් සීයාගේ තනියට වාගේය. එතන ඇති පුටුවේ වාඩි වී සීයා වෙළෙන්දිය සමග හිනා වෙවී කතා කරනු මා දැක ඇත.
රෑ හත හතහමාර වන තෙක් සීයා නිදන තැන ළා එලියක් දැල්වේ. සොහොන් බිම ඇති ප්රදේශයටම ඇති එකම එලිය එයයි. අට පහු වූ විට ඒ එලිය නැත. "සීයා නිදි ඇති" ඒ වෙලාවට එතන පහු කරන මට සිතේ.
ඉඳ හිට දවසක සීයා කමිසයක් ඇඳගෙන රෙදි බෑග් එකක් උරේ එල්ලාගෙන හිනා වෙවී (ඒ හිනාව නැති වෙන්නේම නැත ) පාර අයිනේ බෝක්කුව උඩ වාඩි වී සිටී. ඒ බසයේ නැග කොහේ හෝ යන්නටයි.
සීයාගේ හිත හරි නිදහස් ඇතැයි මට සිතේ. පවු කර ඇති කෙනෙකුට (පිස්සෙකු නොවේ නම්) සොහොනේ ජීවත් වීම පහසු නැත. සොහොනේ ජීවත්වෙන සීයා හැම උදේකම හිනා වෙවී හිටියත් තට්ටු දෙකේ නිවසින් බිමට බැස යාරිස් එකේ එන බොහෝ අය දවසම ඉන්නේ බුම්මාගෙනය.
සීයාට වැඩිහිටි නිවාසයක් කතා කර දෙන්නදැයි අහන්නට හැමදාම මගේ හිත කියයි. එත් අර ඉන්නා නිදහස පෙනෙන විට එය අසන්නත් ලෝබ සිතේ. එය හැම උදෑසනකම සීයා එක්ක හිනා වෙන්නට ලැබෙන එක නැති වේයැයි කියා මට හිතෙන ලෝබ කමක් ද කියාත් සැක සිතේ.
Of
late, our village cemetery looks brighter than earlier. Because the empty little
building in the cemetery premises is occupied by an elderly man whom I call ‘grandpa’.
The white bearded, sarong clad smiling grandpa sitting on an edge of a tomb or
the stairs leading to the small building is a common sight every morning.
The
arrival of the grandpa has brought out the hidden generosity of the villagers.
Such are the number of volunteers to bring him food. His bed tea supplied by a
lady in the neighbourhood comes in an old red flask. She totters to the
cemetery in a long gown carrying the flask. Sometimes I see her happily
chatting away with the grandpa. Three wheelers stop by with food even after
nightfall.
Despite
all this generosity, I personally know that the grandpa passes meal times on
hungry stomach too. On the day of my father’s alms giving we carried him a
packet of lunch fearing that he might have had his lunch by that time because
it was already late. He was lying on the floor and hearing our footsteps sat up
shielding his eyes from the glare. “We had an alms giving for our father.
Brought you some lunch”, I said. He reverently received it and was eating by
the time we left the entrance. I wonder how many meals he misses, lying there
on the cold floor on hungry stomach!
The
grandpa’s arrival has brought extra light to the once deserted vicinity. A
roadside seller has set up her temporary hut opposite the cemetery and has
started selling king coconuts, babana, betel, etc. as if to keep the grandpa
company. Now and then he crosses the road and happily chatters with the seller.
The
cemetery area is pitch dark after night fall. If I happen to pass there by
seven or seven thirty in the evening, I see a faint light coming from the
grandpa’s sleeping area. If it’s later than that, the cemetery ground is dark
as usual making me assume that grandpa must be asleep.
Sometimes
I see the grandpa dressed in a shirt and sarong and carrying a linen bag sitting
on the culvert waiting for the bus. Again he sits there smiling, the smile that
never leaves his face.
I
feel that the grandpa is a person who has a feather light mind. Would a person
with a conscience-pricking history, if sane, be able to live among the dead so
easily? The grandpa who lives in the
cemetery keeps smiling all day, although those who live in big houses and
travels in luxury cars always forget to smile.

2 comments:
Daiwa (Jupiters) zinc oxide and titanium dioxide sunscreen
Daiwa (Jupiters). $9.00 titanium jewelry for piercings per ford escape titanium 2021 1 pack (10 suppliers of metal packs). titanium tv alternative The bottle babylisspro nano titanium is a standard size for sunscreen and may be larger than most. Rating: 5 · 1 review
ct444 stockx italia,vivobarefoot uk,stockxcanada,crocs mujer,teva sandale,vivobarefootfemme,crocs boty,salomon túracipő,havaianas deutschland nt686
Post a Comment