Thursday, May 23, 2013

"ආ..නේ... මේ මමනෙ!!" / "O...h... it's me!"

පරණ යාළුවො ගැන මතක් කරගෙන යනකොට අපිත් එක්ක එකට වැඩ කරපු 'සමරෙට' වෙච්ච වැඩක් මතක් වුණා. මේ සිදුවීමට සම්බන්ධ ආයතනයේ නම නොකියා ඉන්න එක වඩා හොඳයි කියලා හිතෙනවා.

දවසක් සමරෙ තවත් යාළුවෙක් එක්ක ඔෆිස් එකේ කැන්ටිමට ගියා තේ එකක් බොන්න. කෑම කාලා ඉවර වෙලා අත පිහදාන්න අතට ගත්ත කඩදාසිය දිහාවට සමරෙගෙ ඇහැ ගියේ ඉබේටම වගේ. කඩදාසියෙ තිබුණෙ උප්පැන්න සහතිකයක ඡායා පිටපතක් බව දැක්කම කොහොමටත් කුතුහලය වැඩි සමරෙගෙ කුතුහලය තවත් වැඩි වුණා.

"ආ උප්පැන්නයක්නෙ" කියලා සමරෙ හොඳට බැලුවා.

උප්පැන්නයේ දිස්ත්‍රික්කයට 'මාතර' කියලා තියනවා දැක්කම සමරෙට පුදුම සතුටක් ඇති වුණා වගේම කුතුහලයත් තව වැඩි වුණා.
"ආනේ මේ අපේ පැත්තෙනෙ!" කියලා සමරෙ තවත් විස්තර බැලුවා.

එහෙම බලාගෙන යනකොට සමරෙ තවත් පුදුමයට පත් කරමින් කොට්ඨාසය හැටියට 'තිහගොඩ' කියල තියනවා.

"ආනේ මේ අපේ ගමේමනෙ" කියලා සමරෙ තවත් හයියෙන් යාළුවටත් ඇහෙන්න කියලා උප්පැන්නයේ තවත් පහළට දෑස් යොමු කළා.

මෙන්න බොලේ ඊට පහළින් සමරෙගෙම නම තියනවා!

"ආ..නේ... මේ මමනෙ!!"

කියලා ඒ පාර සමරෙ කිව්වෙ කලින් දෙවතාවටම වඩා හයියෙන්.


හොයලා බලනකොට තමයි දැන ගත්තෙ සමරෙ මුලින්ම ආයතනයට රැකියාවට ඉල්ලුම් කරනකොට එවපු උප්පැන්න සහතිකයේ ඡායා පිටපත කුමන හෝ ක්‍රමයකින් කැන්ටිමේ අත පිහදාන කඩදාසි බවට පත් වෙලා කියලා.

මේ සිද්ධිය එතකින් අමතක කරලා දාන්න හෝ තමන් විතරක් රස විඳලා සතුටු වෙන්න තරම් සමරෙ ආත්මාර්ථකාමී වුණේ නෑ. සමරෙ එදා දවස පුරාම ඔෆිස් එකේ හැමෝටම ඔය කතාව ඔය පිළිවෙලටම කියමින් හැමෝගෙම ලේ පිරිසිදු කළා විතරක් නෙවෙයි අවුරුදු ගාණක් ගත වෙලත් අද පවා ඉල කැඩෙන්න හිනාවෙන්න පුළුවන්  මතකයක් අපට ඉතුරු කළා.






Memories of old friends brought back this incident happened to a colleague called “Samare”.  It is better not to reveal the name of the organization where this happened.

One day Samare went to the office canteen with a friend to have a cup of tea. His eye was instantly caught by the piece of paper he took to wipe his fingers after eating. When he saw that the paper was a photo copy of a Birth Certificate his naturally built curiosity heightened.

“Oh, it’s a birth certificate” saying so Samare started taking a better look at it.

When he saw that the District mentioned in the birth certificate is ‘Matara’ Samare was head over heels and his curiosity grew more.

“Oh this is our area!” he said looking for more information.

Running his eye through the document, Samare then saw that the Division mentioned is ‘Thihagoda’.

“Oh! It’s our village” Samare said in a louder voice calling for his friend’s attention while reading further.

Then he saw that below that appeared his own name!

“O…h.. it’s me!!”

This time Samare was much louder than the previous times.

He later learned that the photocopy of his Birth Certificate sent to the organization along with his job application has somehow found its way to the office canteen.

Samare was not selfish to forget this story or to enjoy it by himself. During the rest of that day he went on narrating the story to all our colleagues in the particular order it happened to him. By doing that not only he made our day but left us with a funny memory which we can have a hearty laugh about even after so many years.

Thursday, May 16, 2013

"Generation Gap"

A few years ago, I was interviewing Champika Liyanaarachchi who was at that time just appointed Editor-Daily Mirror, becoming the first female editor in a national daily in any language in Sri Lanka and the youngest ever editor being just over 30. Explaining some point she said "today we cannot even imagine how our predecessors published newspapers without internet". Today while trying to open some old CDs, wasting so much time & energy, I suddenly remembered Champika's words. I really cannot imagine how we ourselves managed with slow floppy disks & CDs a few years back! Floppy disks were anyway a nightmare because they always refused to open if I touched them, making me subject to teasing for being static (though it wasn't my fault but the disk's). CDs also died a natural death after a while. Thankfully now we have more comfortable technologies for data transferring and storage. But I'm sure in the future people will wonder how we managed without the technologies they'd be using.

Friday, May 10, 2013

ගමට ලයිට්: එදා - අද

පොදු ප්‍රවාහන සේවයක ගමන් ගනිද්දී මුහුණ දීමට සිදුවන අප්‍රසන්න දේවල් දහසකුත් එකක් අතර එක් දෙයක් වන්නේ අකමැති ගුවන් විදුලි නාලිකාවලට සහ ගීතවලට සවන් දීමට සිදු වීමයි. මා සාමන්‍යයෙන් හිරු ගුවන් විදුලියේ රසිකයෙක් නොවෙතත් එහි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන අරවින්ද කියූ කතාවක් මා සිත් ගත්තේය. පහත දැක්වෙන්නේ අරවින්දගේ කතාවට අනුපාන එක්කොට ඔබ වෙනුවෙන් ලියැවුණු සටහනකි:-

දර්ශනය 1
එදා
ගැමි කාන්තාවකගේ ළඟ රූපය රූපවහිනී කැමරාවේ සටහන් වේ.

ගැමි කාන්තාව - "අනේ මහත්තයෝ... අපේ ගමට සෑහෙන කාලෙක ඉඳන් විදුලි බලය තිබ්බෙ නෑ. අපි දැන් සෑහෙන කාලෙක ඉඳන් ඉල්ලන්නෙ අපේ ගමට ලයිට් දෙන්න කියලා. අපි මේ ගැන කියන්න පුළුවන් හැම තැනටම කිව්වා. අපේ ළමයි රෑට කළුවරේ කුප්පි ලාම්පු තියාගෙන බොහොම අමාරුවෙන් පාඩම් කරලා විභාග පාස් කරගන්නෙ. කුප්පි ලාම්පුව කොයි වෙලේ ඇඟට පෙරළෙයිද කියලා අපටත් නින්දක් නෑ... ඉහි ඉහි ඉහි... (හඬයි)...අනේ කවුරු හරි පිංවතෙක් මේ ගැන බලලා අපට ඉක්මණට ලයිට් දෙන්න කටයුතු කරන්න කියලා තමයි ඉල්ලන්නෙ."




දර්ශනය 2

අද
ගැමි කාන්තාවකගේ ළඟ රූපය රූපවහිනී කැමරාවේ සටහන් වේ.

ගැමි කාන්තාව - "අනේ මහත්තයෝ... අපේ ගමට සෑහෙන කාලෙක ඉඳන් විදුලි බලය තිබ්බෙ නෑ. අපේ ළමයි රෑට කළුවරේ කුප්පි ලාම්පු තියාගෙන පාඩම් කරගෙන දෙයියනේ කියලා විභාග පාස් කරගෙන හිටියා. ඒත් දැන් ළඟකදි ඉඳලා අපේ ගමට ලයිට් දෙන්න හදනවලු. ඔය කණු එහෙමත් හිටවනවා කියලා කියන්නෙ... ඉහි ඉහි ඉහි... (හඬයි)...අනේ කවුරු හරි පිංවතෙක් මේ ගැන බලලා මේ අපරාදෙ නවත්තලා දෙන්න කටයුතු කරන්න කියලා තමයි ඉල්ලන්නෙ."

Wednesday, May 1, 2013

කූල් වතුර / cool water

මේක ටික කලකට ඉස්සර වෙච්ච සිදුවීමක්. ඒ කාලෙ අපට ලියුම් බෙදුව තැපැල් පියුං මහත්තයා හරිම මිත්‍රශීලී කෙනෙක්. නිතර විහිලු තහලුත් කරනවා. දවසක් සීනු සද්දෙට මම ගියා ලියුම් ගන්න.
"මිස් වතුර එකක් බොමුද? කූල් වතුර එකක්"
පියුං උන්නැහැ කිව්වා.
ගෙදරට අමුත්තෙකු එන දවසක අවශ්‍ය වුනොත් දෙන්න කියලා වතුර බෝතලයක් ශීතකරණයේ දානවා ඇරෙන්න වතුර ශීත කර කර බොන සිරිතක් අපේ ගෙදර නෑ. ඒ නිසා මම
"කූල් වතුර නම් තියෙයිද දන්නෙ නෑ. ඉන්න බලන්න"
කියාගෙන ගෙට යන්න හැරුණා.
"ෆ්‍රිජ් එකේ ඇති කූල් වතුර බෝතලයක්"
කියලා එතකොට පියුං උන්නැහැ වහාම කිව්වා.
"මෙයා කොහොමද දන්නෙ අපේ ෆ්‍රිජ් එකේ තියන ඒවා???"
කියලා හිත හිත මම ගිහින් ශීතකරණයේ දොර ඇරියා. මට ඇස් අදහා ගන්න බැහැ. මෙන්න තියනවා වතුර බෝතලයක් දිලිසි දිලිසි! ඒ බෝතලයවත් මම මීට කලින් දැකලා නෑ. මම පුදුමයෙන් පුදුමයට පත් වුණත් ඉක්මණට පියවි සිහිය එලවාගෙන පියුං උන්නැහේට වතුර එකක් ගිහින් දුන්නා.
"තිබුණා නේද?" කියලා බොහොම ජයග්‍රාහී විදියට අහලා වතුර බීලා පියුං ගියා. මම කෙළින්ම ගියේ අම්මා හොයාගෙන.
"අම්මෙ හරි වැඩේනෙ!"
කියලා මම අම්මාට විස්තරේ කිව්වා.
අම්මට හිනා.
"ඔය මනුස්සයා ඊයෙත් කූල් වතුර ඉල්ලුවා. මම නිකං වතුර දීලා කිව්වා හෙට එනකොට වතුර බෝතලයක් දාලා තියන්නම් කියලා. පවුනෙ. කොච්චර මහන්සි ඇතිද".
ඒ මොහොතේ මට දැණුනු හැඟීම වචනවලින් කියන්න අමාරුයි. අම්මා තැපැල් පියුංට දුන් පොරොන්දුව පවා අකුරට  රැකීම වගේම අම්මගෙ වචනෙ ඒ තරම් විශ්වාස කිරීමට පියුංට තිබුණු හයිය ගැනයි ඒ හැඟීම.

This happened a while ago. Our postman was a friendly dude who didn't forget to crack a joke while fulfilling his duty. One day I ran to the gate to get the mail.
"Miss can I have a glass of water? A glass of cool water" he asked.
Unless we expect visitors, we didn't have a habit of drinking chilled water.
"I'm not sure about cool water. Let me see" I turned to go in.
"There is a bottle of cool water in the fridge" came the the postman's quick reply.
"How on earth does he know what is in our fridge???" I went in wondering. But to my horror when I opened the fridge door there stood a glistening bottle of chilled water. I hadn't even seen that bottle before. I managed to quickly come back to my senses and took a glass of it to the postman. He enjoyed it asking "it was there, wasn't it?" in a victorious voice.
After he left, the first thing I did was to find my mother.
"Amma guess what happened!" I narrated her the story.
She gave me a soft smile.
"He asked for chilled water even yesterday. I said I'd put a bottle in the fridge when he comes today. Poor thing must be exhausted"
I'm at a loss for words to describe what I felt. How my mother kept a word she gave to the postman and the guts of the postman to believe in her words amazes me even to date.