දර්ශනය 1
එදා
ගැමි කාන්තාවකගේ ළඟ රූපය රූපවහිනී කැමරාවේ සටහන් වේ.
ගැමි කාන්තාව - "අනේ මහත්තයෝ... අපේ ගමට සෑහෙන කාලෙක ඉඳන් විදුලි බලය තිබ්බෙ නෑ. අපි දැන් සෑහෙන කාලෙක ඉඳන් ඉල්ලන්නෙ අපේ ගමට ලයිට් දෙන්න කියලා. අපි මේ ගැන කියන්න පුළුවන් හැම තැනටම කිව්වා. අපේ ළමයි රෑට කළුවරේ කුප්පි ලාම්පු තියාගෙන බොහොම අමාරුවෙන් පාඩම් කරලා විභාග පාස් කරගන්නෙ. කුප්පි ලාම්පුව කොයි වෙලේ ඇඟට පෙරළෙයිද කියලා අපටත් නින්දක් නෑ... ඉහි ඉහි ඉහි... (හඬයි)...අනේ කවුරු හරි පිංවතෙක් මේ ගැන බලලා අපට ඉක්මණට ලයිට් දෙන්න කටයුතු කරන්න කියලා තමයි ඉල්ලන්නෙ."
දර්ශනය 2
අද
ගැමි කාන්තාවකගේ ළඟ රූපය රූපවහිනී කැමරාවේ සටහන් වේ.
ගැමි කාන්තාව - "අනේ මහත්තයෝ... අපේ ගමට සෑහෙන කාලෙක ඉඳන් විදුලි බලය තිබ්බෙ නෑ. අපේ ළමයි රෑට කළුවරේ කුප්පි ලාම්පු තියාගෙන පාඩම් කරගෙන දෙයියනේ කියලා විභාග පාස් කරගෙන හිටියා. ඒත් දැන් ළඟකදි ඉඳලා අපේ ගමට ලයිට් දෙන්න හදනවලු. ඔය කණු එහෙමත් හිටවනවා කියලා කියන්නෙ... ඉහි ඉහි
ඉහි... (හඬයි)...අනේ කවුරු හරි පිංවතෙක් මේ ගැන බලලා මේ අපරාදෙ නවත්තලා දෙන්න කටයුතු කරන්න කියලා තමයි ඉල්ලන්නෙ."
No comments:
Post a Comment